Colombo Today Local News

“මුදල් ඇමති ආයෙත් පාර්ලිමේන්තුව ඇන්දුවා.. අල්ලගෙන තඩිබාන්න ඕනෑ” – අනුර දිසානායක

anura d

වැරදි වාර්තාවක් ඉදිරිපත් කළ මුදල් ඇමැතිවරයාට මුළු පාර්ලිමේන්තුවම එකතු වී තඩිබෑ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.2015 වාර්ෂික වාර්තාවට අනුව 2015 වර්ෂයේ දී පාර්ලිමේන්තුව විසින් අනුමත කළ වැය සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව විගණකාධිපතිවරයා විසින් නිරීක්ෂණය කර ඇති ප්‍රකාශයක් පිළිබඳව මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශයකින් පසු දිසානායක මන්ත්‍රීවරයා මේ බව කීවේය.

ණය සීමාව ඉක්මවා රජය ණය ගෙන ඇති බවට පැහැදිලිව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති අතර එසේ කිරීමට රජයට අවසර දුන්නේ කවුරුන් දැයි දිසානායක මන්ත්‍රීවරයා පෙරේදා (21) මුදල් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු ලෙස මුදල් ඇමැතිවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශයක් තුළින් විගණකාධිපතිවරයාගේ නිර්දේශය විවේචනය කළ බව ද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කීවේය.

“විගණකාධිපතිවරයාගේ නිර්දේශය මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ වාර්තාවේ තමයි තිබුණේ. එයට විගණකාධිපතිවරයාට තඩිබාන්න ඕනෑ. වැරැද්ද කරලා තියෙන්නේ මුදල් ඇමැතිතුමා. ඔබතුමායි ඒ වාර්තාව සභාගත කළේ. එහෙනම් මේ මුළු පාර්ලිමේන්තුවම එකතුවෙලා ඔබතුමාටයි තඩිබාන්න ඕනෑ.” අනුර කුමාර දිසානායක මහතා කීවේය.

“ගෙදර තියෙන මුව හමට තඩිබානවා වගේ මුදල් ඇමැතිතුමා විගණකාධිපතිවරයාව විවේචනය කරනවා. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරනවා නම් යෝජනාවක් ගේන්න ඕනෑ.” දිනේෂ් ගුණවර්ධන මහතා ද පැවසීය.

Rivira

Related posts

ඇමරිකාව අපට ඩොලර් මි. 486ක් පිනට දෙනවා… එය අරන් MCC ගිවිසුම අත්සන් කරනවා – මංගලගේ ලේකම්

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

නිමල් සිරිපාලට එල්ල කල අල්ලස් ඉල්ලීමේ චෝදනාව ගැන වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝගයක්

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

මහින්ද දිනුවානම් මාව අඩි 06ක් පොළව යට වළලනවායි කී කතා දේශපාලන වේදිකාවේ කතා පමණයි… මාව මරන්න කුමන්ත්‍රණය කළේ රනිල් වික්‍රමසිංහයි – ජනපති

colombotoday