Covid 19World

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

නව කොරෝනා වෛරස් අර්බුදය හමුවේ ජර්මානු පළාත් පාලන ආයතනවලට සහාය වීම සඳහා එරට හමුදා සොල්දාදුවන් 15,000 ක් කැඳවා තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් එරට හමුදා ප්‍රධානියා කියා සිටියේ සෙබළුන් COVID-19 වෛරසයට එරෙහි සටනට සහාය වීම සඳහා “පියවරෙන් පියවර” කැඳවන බවයි. කොරොනා වෛරසයට එරෙහි මෙහෙයුම සඳහා කලාපීය විධාන මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව ද ඔහු පැවසීය.

වෛද්‍ය සහ සැපයුම් අංශය සඳහා ජර්මානු හමුදාවේ සේවාව විශේෂයෙන් අවශ්‍යව පවතින බව හෙතෙම පැවසීය.

ජර්මනියේ සොල්දාදුවන් 180,000 ක් පමණ නිත්‍ය හමුදාවේ සිටියි. වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ජර්මනිය වසා දමා ඇති මොහොතක වයිරස් රෝගීන් සිකුරාදා දින ද අඛණ්ඩව ඉහළ ගියේය.

රෝගීන් සංඛ්‍යාව 47,393 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව 295 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බර්ලිනයේ පිහිටි “කොරොන වයිරස්-මොනිටර්” වෙබ් අඩවිය පවසයි.

එරට රජය මේ සතියේ වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා නීති දැඩි කරමින් ප්‍රසිද්ධියේ පුද්ගලයන් දෙදෙනෙකුට වඩා සමාජ සම්බන්ධතා පැවැත්වීම තහනම් කළේය. අත්‍යවශ්‍ය නොවන සියලුම වෙළඳසැල් වසා දැමීමට නියෝග කර ඇත.

යුරෝපයේ කොරෝනා වසංගතයෙන් වැඩියෙන්ම පීඩාවට පත් වූ රටවල් අතර තුන්වන ස්ථානය හිමිවී ඇති නමුත් එහි මරණ සංඛ්‍යාව යුරෝපයේ වැඩියෙන්ම පීඩාවට පත් රටවල් දෙක වන ඉතාලිය සහ ස්පාඥ්ඥයට සාපේක්ෂව බෙහෙවින් අඩු මට්ටමක පවතී.

Related posts

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

අමෙරිකාව දෙවන කොවිඩ් එන්නතක් සදහා අනුමැතිය ලබාදීමට සුදානමින්

colombotoday

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේ

Admin

වත්තල කර්මාන්තශාලාවක කොවිඩ් ආසාදිතයින් 49ක් හදුනා ගනී.

colombotoday

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

සහකාර ධීවර අධ්‍යක්ෂ කොවිඩ් ආසාදනය වී මිය යයි

colombotoday