Colombo Today Local News

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

‘‘කොවිඞ් එන්නත මුළු රටේම ඉන්න ජනතාවට ලබාදෙන්න සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතුයි. දැන් තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. ඒ නිසා මොන රටෙන් හරි කමක් නැහැ මේ කොවිඞ් එන්නත ගෙන්වලා රටේ සෑම පුරවැසියකුටම ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත්’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කර සිටියි.

කොවිඞ් එන්නත ගැන කතා කර කර සිටිනවාට වඩා ඒවා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට බලධාරීන් වහා මැදිහත් විය යුතුව ඇතැයි ද ඇය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරිය මෙසේ ද කියා සිටියාය.

මේ කොවිඞ් එන්නත තාම මුළු රටේම ඉන්න ජනතාවට ලබාදෙන්න බැරි වෙලා තියෙනවා. ජනතාව අපෙන් මේ ගැන අහනකොට අපි සෑහෙන අසරණ වෙනවා. දැන්වත් අපි කියන්නේ පුළුවන් තරම් මේ එන්නත ඕඩර් කරලා ගෙන්වලා රටේ පුරවැසියන්ට ලබාදෙන්න කියලයි.

දැන් මට හිතෙනවා කලාව කරගෙන හිටියා නම් මේ මොකුත් නැහැනේ කියලා. මේ කොවිඞ් වසංගතය තුරන් කරලා ජනතාව බේරාගත හැක්කේ එන්නත්කරණයෙන් විතරයි.

අපේ‍්‍රල් මාසයේ ජනතාවට ඕන ඕන විදිහට විනෝද වෙන්න දීලා ආණ්ඩුව පැත්තකට වෙලා හිටියා. සමහරු කොවිඞ් මේ රටේ නැහැ වගේ හැසිරෙමින් අවුරුදු උත්සව පැවැත්වූවා. තවත් පිරිස් රට වටේ විනෝද චාරිකා ගියා. ඒකේ අනිසි විපාක නේද අද මේ භුක්ති විඳින්නේ.

Related posts

අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීමට DNA සාම්පලයක් ඉල්ලයි

colombotoday

රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් ගුටි කෑ පොස්පේට් සේවකයාගේ වැඩ තහනම් කරයි

Admin

සිරකරුවන් 557කට ජනපතිගෙන් නත්තල් තෑගි

colombotoday

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

සම්බන්ධන්, හකීම්, ගයන්ත සමග ජවිපෙ අනුර චීන සංචාරයක

colombotoday

කොටගල වෙළෙඳසැල් 3ක් ගිනි බත් වෙයි

Admin