Colombo Today Local News

ජනපති ලේකම්ගෙන් තවත් ගැසට් පත්‍රයක්. | ඇමතිවරු තිදෙනෙකුගේ විෂයන් සංශෝධනය කරයි.

රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අලුත්ම ගැසට් නිවේදනයක් අද (17) නිකුත් කරනු ලැබීය .

මේ ගැසට් නිවේදනය මගින් විෂය පථයන් සංශෝධනය කර ඇත්තේ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ,ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය ඇමතිවරුන්ගේය.

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති වරයා විසින් පසුගියදා නව රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනමනු ලැබීය

ඒ අනුව මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත .

එමෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැලසුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම ගැසට් පත් පත්‍රයේ සඳහන් වේ.

Related posts

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35ක් ගෙදර යයි

Admin

වැලිගම නිවසක ගින්නක්. නිදියහනේ සිටි සිගිත්තිය පිළිස්සී මිය යයි

colombotoday

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

colombotoday

‘දිවි පරදුවට තබා රට රැක්ක අපි අද හිරගෙදර’ සිරගතකළ රටට නිදහස් දුන් රණවිරුවෝ කියන අනුවේදනීය කතාව

colombotoday

අනුරාධපුරේ හිමිවරු 8 නමක් උපවාසයක

colombotoday

හිස්බුල්ලාගේ ශරියා සිහිනය බොද වෙයි ! බැටිකලෝ විශ්වවිද්‍යාලය, ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමට ජනපති තීරණය කරයි.

colombotoday