Colombo Today Local NewsUncategorized

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

ගණේමුල්ල සංජීවගේ ප්‍රධාන සගයන් දෙදෙනෙකු වන “පෑලියගොඩ ශක්ති” හා “දිප්පිටිගොඩ ළහිරු” යන දෙදෙනා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින ගණේමුල්ල සංජීව සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන පුද්ගලයෙකි.

මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (15) බුළුගහ හන්දිය, කැලණිය ප්‍ර‍දේශයේ සිදුකළ වැටලීමක දීය.

ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය 62gයි 900mgක්, විද්‍යුත් තරාදියක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 38,330ක් පොලිස් භාරයට ගෙන තිබුණි.

ඔවුන් දෙදෙනා කැලණිය සහ වත්තල ප්‍රදේශවල පදිංචිව සිටින 32 හැවිරිදි සහ 34 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එක් සැකකරුවෙකු 2022 වර්ෂයේදී “පොලිස් අත්තනායක” යන පුද්ගලයාව වෙඩිතබා ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු බවයි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ පොලීසිය සිදුකරයි.

Related posts

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් ලබා දෙයි

Admin

අමුතුවෙන් වියත්තු අපට අවශ්‍ය නෑ… ඊලඟ ආණ්ඩුවේ මම කැබිනට් ඇමතිවරයෙක් !

colombotoday

මම චෛත්‍ය 1125 ක් හදනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday

රනිල් ගෝඨා භය

colombotoday

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin