බරපතල වැඩ සහිතව වසරක සිර දඩුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තෙ ඥාණසාර හිමියන් බන්ධනාගාරයේදී ජම්පරය ඇදීම ප්‍රතික්ෂේප කර ඇත.
තම චීවරය ගලවා ඉවත්කලහොත් උපවාසයක නිරතවීමට සූදානම්ව සිටින උන්වහන්සේ, සිවුර පමණක් ඉවත් කර අදනකඩයට උඩින් සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවද පැවසේ.