බන්ධනාගාරගතකර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, උන්වහන්සේ රදවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ ආර්. වාට්ටුවේදී ආගමික වතාවත්වල නිරතවී තිබෙනවා.
එම වාට්ටුවේ උන්වහන්සේ සමග සිරකරුවන් 15ක් පමණ රදවා සිටින අතර, ඊයේ රාත්‍රියේ එම පිරිසට හිමියන් විසින් ධර්ම දේශනාවක්ද පවත්වා තිබෙන අතර, ඉන්පසු භාවනා වැඩසටහනක්ද පවත්වා තිබෙන බව පැවසේ.
මේ අතර තමන් වහන්සේ බැලීම සදහා කිසිවෙකුට පැමිණීමට ඉඩ නොදෙන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට දන්වා ඇති බවද වාර්තා වේ.