Colombo Today Local News

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

unnamed-17

ඊයේ (29) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ජාතික ඇදුම පිළිබද ඇතිවුණු ප්‍රශ්නයක් පිලිබදව කරනු පැහැදිලිකිරීමක් සිදු කළා.

“අද මම සිදුවීමකට මුහුණ පෑව. බරපතල අපරාධ පිළිබද කොමිෂන් සභාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතතුමන්ව කැදවා තිබීම නිසා මම ඒ කොමිෂන් සභාවට ගියා. මාව පොලීසියෙන් නතර කළා. මගෙන් ඇහුව කැදවීමක් තිබෙනව ද? මම කිව්ව කැදවල නෑ. එහෙනම් යන්නෙ මොන පදනමින්ද? මම කිව්ව මම වෘතියෙන් නීතිඥයෙක් කියල. පොලිස් නිලධාරිය මගෙන් අහනව නීතිඥයෙක්නම් ඔය ඇඳුම ඇදගෙන යන්න දෙන්න බෑ.
කළු ටයි කෝට් ඇදගෙන එන්න ඕනි. මම කිව්ව පොලිස් නිලධාරියාට අගවිනිසුරුවරුන් හතරදෙනෙක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මම නීතිඥයෙක් විදිහට පෙනී ඉදල තියෙන්නේ මේ ඇඳුම ඇදගෙනයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සමුළුව මම දෙවරක් අමතල තියෙනව මේ ඇඳු‍මෙන්. මම යන්නේ මේ ඇඳු‍මෙන් මේ ඇඳු‍ම ගලවන්න කාටවත් බෑ කියල.
ඒ අවස්ථාවෙ ඉහල පොලිස් නිලධාරියෙක් ඇවිල්ල ප්‍රශ්නය මොකක්ද අහල, මම හිතන්නේ මාව නතර කරපු නිලධාරියා පොලිස් පරීක්ෂක මට්ටමේ හිටිය නිලධාරියෙක්. සහකාර පොලිස් අධිකාරි මට්ටමේ කෙනෙක් ඇවිල්ල මට යන්න අවස්ථාව සලසල දුන්න.
මේ මා පෙන්නන්න උත්සහ කරන්නේ අද මේ රටේ ඇතිවෙලා තියෙන පරගැති මානසිකත්වය. සුද්දගෙ ඇඳුම ඇන්දෙ නැත්නම් අපේ රටේ පරීක්ෂණ කොමිෂන් සභාවකට යන්න බෑ කියල අපේ පොලිස් නිලධාරීන් හිතා ඉන්නව. මං පොලිස්පති තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනව පොලිස්පතිතුමන් මම ගරු කරන මහත්තයෙක් නිසා මං එතුමගෙන් කාරුණික ඉල්ලා සිටිනව ඔබේ නිලධාරීන්ට රටේ නීතිය උගන්නන්න. සාම නිලධාරීන් විදිහට ඔවුන් ඉන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න.
නීතිය නොදැන නීතිය ක්‍රියාත්මක කරන්නට යෑමෙන් අපි වැනි පුරවැසියන් අසීරුතාවයට පත්වෙනව. රටේ ජාතික ඇඳුම මේ රට තුල අදින්න බැරිනම් මේක අදින්න පුළුවන් මොනරටේද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. මේක ඇමරිකාණු යටත්විජිතයක් බවට පත්කරගැනීමට ආණ්ඩුවට උවමනාව තිබුනත් තවම මේක සිද්ධවෙලා නෑ. ඒ නිසා ජාතික ඇඳුම තහනම් ඇඳුමක් බවට පත්කරන්න පොලිස් නිලධාරීන්ට ඉඩතියන්න එපා කියල අපි පොලිස්පති තුමන්ගෙන් ඉල්ලා සිටිනවා”

Related posts

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි

Admin

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අහෝසි කරයි

colombotoday

කසුන් කල්හාර සිස්ටම් එක චේන්ජ් කරන්න කලින් මලකඩ කාපු ඇඳක් උඩ මරණය එනකල් බලං ඉන්න තාත්තාව බලපන්

colombotoday

ඔරුගොඩවත්ත රේගුවේ තිබූ කන්ටේනරයකින් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් අල්ලයි

Admin

උතුර හෙල්ලූ හිටපු කොටි 07ක් ආයුධත් සමග අත්අඩංගුවට !

colombotoday

ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් යහපාලන දීගයකට සැරසෙයි?

colombotoday