ඊයේ (11) රාත්රි 8.00ට පමණ රියැදුරෙකු නොමැතිව ධාවනය වු ලොරි රථයක් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතාගේ නිවසට කඩා වැදී ඇති බව වාර්ථා වේ.
එම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්රීවරයා නිවසේ නොසිටි අතර ඊට විනාඩි කිහිපයකට පෙර රාජකාරී කටයුත්තට කොළඹ බලා පිටව ගොස් තිබේ.
මෙම ලොරි රථය එම නිවසට ඉහළින් ඇති මාර්ගයේ නතර කර තිබියදී එක වරම පහළට ධාවනය වී තිබේ.