Colombo Today Local NewsHot News

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඊයේ පැවති විශේෂ අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවකදී තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ යනු ඇති.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩි කර තිබේ.

එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 148කි.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩි කර තිබේ.

සුපර් ඩීසල් ලීටරයක මිල වැඩි කර ඇත්තේ, රුපියල් 09කිනි.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් වැඩි කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101කි.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, සමෘද්ධිලාභීන්ට තවදුරටත් පැරණි මිලට භූමිතෙල් ලබා දෙන බව ය.

Related posts

මතට තිත තබා වැවක් හැදූ යෝධයෙක් වැනි තරුණයෙක්.. කෝටියක් ළග බලා සිටී !

colombotoday

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

Admin

මම රැකගත්තා.. මහින්ද විනාශ කළා!

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

විදුලි ඇමතිට රට ගමන් තහනම්.. ජනපතිගෙන් නියෝගයක්

colombotoday

2018 වසරේ විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට – වැටලීම් ආදායම මිලියන 130 ඉක්මවයි

colombotoday