හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපළේදී පොලිසිය විසින් රදවාගෙන පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කිරීමට ලක් කල තිබෙන බවට මාධ්‍ය වාර්තා පලවී තිබෙනවා.
විදෙස්ගතව සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා අද පෙරවරුවේ යලි මෙරටට පැමිණි අවස්ථාවේ පොලීසිය විසින් රදවාගෙන මෙසේ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමට ලක් කර ඇති බවයි එම වාර්තා පවසන්නේ.
කුමන කාරණාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කලේදැයි වාර්තා නොවෙයි.