Colombo Today Local News

FCIDය නීත්‍යානුකූලයි – අධිකරණය තීන්දු කරයි

fcidපොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූල ලෙස පිහිට වූ ආයතනයක් බව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (24) තීන්දු කළා.

මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කළේ රජයේ වාහන අවභාවිතය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සරත් වීරවංශට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදියි.

එහිදී විත්තියේ නීතිඥවරයා පැවසුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූල පොලිස් ආයතනයක් නොවන බවයි.

විත්තියේ තර්කය ප්‍රතික්ෂේප කළ මහේස්ත‍්‍රාත්වරිය පැවසුවේ පොලිස්පතිවරයා විසින් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පිහිටුවා ඇති මෙම එ්කකය පොලිස් ස්ථානයක් ලෙස පිළිගත හැකි බවයි.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූල ඒකකයක් ලෙස පිළිගත හැකි බවයි මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී කියා සිටියේ.

Related posts

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය වසාදමයි

colombotoday

කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සුනිල් ආරියරත්නට

Admin

ඉකුත් පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ට අධික ආදායමක්

Admin

පැය 24ක් තුළ දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 1700ක් අත්අඩංගුවේ

colombotoday

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය සක්‍රිය කිරීමට දින 3 – 5 කාලයක් ගත වේවි – කංචන විජේසේකර

colombotoday