බොදු බල සේනා සංවිධානයේ සහයෝගය ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට බව පවසමින් අන්තර්ජාල වෙබ් අඩවි තුල ප්රචාරයක් දියත් වෙමින් පවතිනවා.
මේ පිළිබඳව බොදු බල සේනා සංවිධානයෙන් සිදු කල විමසීමකදී සඳහන් කලේ එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ඥානසාර හිමි හෝ බොදු බල සේනා සංවිධානයේ කිසිවෙක් එවැනි ප්රකාශයක් ද සිදු කර නොමැති බවත්ය.