විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසුවායැයි සඳහන් කරමින් අන්තර්ජාල මාධ්‍ය තුල සංසරණය වන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව බොදු බල සේනා සංවිධානය පවසනවා.
ඉස්ලාම් අන්තවාදයට නොබියව මුහුණ දෙමින් මෙරට ක්‍රියාත්මක අන්තවාදී කල්ලි පිළිබඳව සමාජය දැනුවත් කිරීම හේතුවෙන් කෝපයට පත් අන්තවාදීන් විසින් ඥානසාර හිමි කෙරෙහි පවතින ජනතා ප්‍රසාදය නැති කිරීම සඳහා මෙවැනි අසත්‍ය සමාජ ගත කරමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බවයි බොදු බල සේනා සංවිධානය නිවේදනයක් යොමු කරමින් සඳහන් කර සිටින්නේ.