7 April 2025
Colombo Today Local News

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්න්නේ රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බවයි.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේ, එය නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි.

සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව, ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තුන් හතරදෙනෙකු පමණ සිටින බව එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතා පැවසුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ ඇතැම් ඖෂධ වෙළෙඳසැල්වල ක්‍රියාකාරීත්ව ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල කරන බවය.

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රෝග ලක්ෂණ අනුව ඖෂධ වෙළෙඳසැල්වල පිරිස විසින් රෝගීන් ට ඖෂධ ලබාදීම හේතුවෙන් රෝගීන් මරණයට පවා ලක්විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙමින් මේ බව සදහන් කලේය.

මේ හේතුවෙන් නිසි නියාමනයක් වහාම සිදුකර යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කලේය.

Related posts

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

Admin

බිමතින් රිය පැදවු ලාල් කාන්ත අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

Admin

සුරක්ෂා අත්හිටවූයේ තාවකාලිකවයි… ඉදිරියේදී යළි ක්‍රියාත්ම කෙරේ !

colombotoday

ජවිපෙ දැන් බෙදුම්වාදීන්ගේ හොර අඹුව වෙලා.. මැක්කා විසින් බලු වලිගය වනවන තැනට ඇවිත්

colombotoday