Colombo Today Local News

ETI කටයුතු අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මහ බැංකුවෙන් මෝසමක්

අහිමි වූ සිය තැන්පතු මුදල් ආපසු ගෙවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් මස 25 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද (30)දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී දෙහිදෙණිය සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එහි දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අංශය විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ඊ.ටී.අයි සමාගමේ කටයුතු අත්හිටුවීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඊ.ටී.අයි සමාගමේ කටයුතු පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ මේ දිනවල විවිධ ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් වෙමින් පවතින හෙයින් එම තත්ත්වය වසන්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් නීතිපතිවරයා හරහා මෙම මෝසම ඉදිරිපත් කර තිබෙන බව චෝදනා කර සිටියේය.

ඊ.ටී.අයි ආයතනය තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව වසර ගණනාවක් නිහඬව බලා සිටි ශ්‍රී මහ බැංකු නිලධාරීන් අදාළ සමාගම අත්හිටුවීමට තැන්පත්කරුවන් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ වූ බව ජනාධිපති කොමිසම හමුවට ගොස් පෙන්වීම සඳහා නීතිපතිවරයා මාර්ගයෙන් මෙම මෝසම ඉදිරිපත් කර ඇති බවත් එම ඉල්ලීමට තමන් විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් චෝදනා කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ මෙම මෝසම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු නියෝගයක් කළේ නැහැ.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 25 වනදා කැඳවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ඊ.ටී.අයි සමාගම සතු වත්කම් අත්පත් කරගෙන මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් ආපසු ගෙවන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ලෙස ශ්‍රී ලංකාව මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

රට,දැය,සමය වෙනුවෙන් කැප වූ මහ යතිවරුන් හදිසියේ අපවත් වන අබිරහස කුමක්ද?

colombotoday

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday

2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් නොවූවන්ට ඉල්ලීම් කරන්න දී තිබූ කාලය අවසන්..

Admin

දුරකථනය ගන්න දුම්රියේ ගිය චීන කතට පොල්ලකින් ගහලා

Admin

සියළුම පන්සල්, බුදු පිළිම උතුරෙන් ඉවත් කරන්න ඉල්ලයි.. ජාත්‍යන්තරයට වාර්තාවක් !

colombotoday