වත්තල නගර සභාව හැර ගම්පහ දිස්ත්රික්කයේ සියලු පළාත් පාලන ආයතනයන්හි බලය තහවුරු කරගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.
ගම්පහ අත්තනගල්ල ප්රාදේශීය සභාවේදී හිටපු ජනාධිපතිනී චන්ද්රිකා කුමාරතුංග මහත්මිය නායකත්වය දුන් ශ්රී ලංකා නිදහස් පක්ෂය සිවුවන් තැනට වැටී ඇති අතර, දෙවන ස්ථානය දිනා ගැනීමට ස්වාධීන කණ්ඩායමක් සමත්වීම විශේෂත්වයකි. පළමු තැන පොදුජන පෙරමුණටද, දෙවන තැන එජාපයටද හිමිව ඇත. ජවිපෙට හිමිව ඇත්තේ පස්වන තැනයි.
මේ අතර මාතලේ දිස්ත්රික්කයේ සියළු පළාත් පාලන ආයතන ජයගැනීමට පොදුජන පෙරමුණ සමත්ව ඇතැයි නිළ නොවන ආරංචි කියා සිටී.