Colombo Today Local News

SMS කැම්පේන්, මඩ කැම්පේන් සමගින් නීතිඥ සංගම් නිලවරණය තුට්ටු දෙකට වැටෙයි.

නීතිඥ සංගම් නිලවරණය ඉතා පහත් මට්ටමකට පත්ව තිබීම හේතුවෙන් පහත් අන්දමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්නන්ට ඡන්දය නොදිය යුතු බවට ජේෂ්ඨ නීතිඥවරු තීරණයක් ගැනීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා.

සභාපතිධුරය සඳහා තරඟ වදින එක් අපේක්ෂකයෙකුගේ පාර්ශවයක් විසින් නීතිඥ ආචාර ධර්ම පවා හෑල්ලුවට ලක් කරමින් තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බවටයි ජේෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙකු අප සමග සඳහන් කර සිටියේ.

නීතිඥවරුන් මෙරට උගත්ම වෘතිකයන් ලෙස සමාජයේ පිළිගැනීමට ලක්වන නමුත් මෙවර නීතිඥ සංගම් නිලවරණය වෙනුවෙන් පෑන්,දින පොත් ආදි මැතිවරණ තුටු පඬුරු බෙදාදීමේ ප්‍රාථමික ක්‍රියා ද පසුගිය දිනවල දක්නට ලැබිණි.

එක් අපේක්ෂකයෙකුට එරෙහිව සිදුවන මඩ කැම්පේන් සහ SMS කැම්පේන් පිළිබඳව ද දැන් දැන් අසන්නට ලැබෙමින් පවතියි.

අප වෙත ලැබී ඇති එවැනි කෙටි පනිවුඩයක මෙසේ දැක්වෙයි.

නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ කුවේරා ඩි සොයිසා යන මහත්වරුන් ඉදිරිපත්ව ඇත.

Related posts

අවුරුදු දිනයේ තරුණියකට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

ගාලු ගිය ගයේෂාට ශ්‍රීලනියෙන් ලොකු තනතුරක් දෙයි.. “මොරටු කාන්තාවන්ගේ නායිකාව මමයි” – ගයේෂා

colombotoday

ඩොලර් ගලනය සියයට 69කින් ඉහළ ගිහින්

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අයිස් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම් කරයි

colombotoday

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද අමාත්‍ය මණ්ඩලයට

colombotoday