Colombo Today Local Newsfeatured

නව මැතිවරණ කොමිසමට හිටපු තිදෙනාම නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමට නියමිත නව මැතිවරණ කොමිෂන් සභාව සඳහා හිටපු සාමාජිකයන් තිදෙනාම ඇතුළත් නොවනු ඇතැයි එම කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ කාලසීමාව නොවැම්බර් මස 16 වැනිදායින් අවසන් වීමට තිබියදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉකුත් 29 වැනිදා නීතියක් බවට පත්වීමත් සමග එහි බලය අහෝසි විය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පස් දෙනකු පත්කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් සංඛ්‍යාව තිදෙනෙකි. ඉකුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය කටයුතු කරනු ලැබූ අතර, සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ එන්. ජේ. අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් එච්. හූල් කටයුතු කරනු ලැබීය.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වී තිබීම නිසා ජනාධිපතිවරයාට ඉදිරි ඕනෑම අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයන් නම් කිරීමට අවස්ථාව හිමිවේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාට පමණක් වසරකට දීමනා වශයෙන් රුපියල් ලක්ෂ පනස් හතරක මුදලක් ගෙවනු ලබයි. එමෙන්ම කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු මැතිවරණ දෙපාර්තමේන්තුවට අයත් නිල නිවාස සහ වාහන අනිසි ලෙස භාවිත කිරීම ආදී චෝදනාද එල්ල වී තිබිණි.

Related posts

සෞදි ඉදන් ආ තරුණයාට හමු වූ මෝහිණී අත්අඩංගුවට

colombotoday

උද්ඝෝෂකයෝ වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපතිට හූ කියා පන්නා දමති.

colombotoday

ඝාතන කුමන්ත්‍රණය ගැන ශෂී විරවංශගෙන් ප්‍රශ්න කරන්න යයි…

colombotoday

හදිසි නීතිය අවලංගු කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday

නාමල්ට ඇමරිකාව තහනම් වූ හේතුව ඉන්දීය වෙබ් අඩවියක් ප්‍රථම වරට අනාවරණය කරයි !

colombotoday