Colombo Today Local Newsfeatured

නීතිඥවරුන්ගේ දැඩි විරෝධය හමුවේ ඒකරත්න තුත්තුකරණයේ යෙදෙන වීඩියෝව ඉවත් කර ගනී.

Ekaratne Associates නමින් හැඳින්වෙන නීතිඥ සේවාවන් ලබා දෙන සමාගමක් විසින් තම වෘත්තිය ප්‍රවර්ධනය කරන (තුත්තුකරණය) ආකාරයට නිර්මාණය කර Hultsdorf නැමති Facebook පිටුවක් ඔස්සේ අන්තර්ජාලයට එක් කර තිබු වීඩියෝව නීතිඥවරුන්ගෙන් නැගුනු විරෝධය හමුවේ මේ වන විට ඉවත් කරගෙන ඇත.

වීඩියෝවට ලබා දී තිබූ ප්‍රතිචාර කිහිපයක්

මේ පිළිබඳව අප සිදුකල අනාවරණය…

ආර්ථික අපහසුතා මධ්‍යයයේ ඒකරත්න නීතිඥවරුන් වෘත්තිය ප්‍රවර්ධනයක

නීතිඥ වෘත්තිය ශ්‍රී ලංකාවේ ගෞරවාන්විත වෘත්තින්ගෙන් එකක් ලෙස ජනතාව අතර මතයක් තිබේ. නමුත් එම වෘත්තියේ යෙදෙන්නන් වෘත්තිය ආචාරධර්ම අනුගමනය කරනවාදැයි පසුගිය කාලයේ ජනතාව හමුවේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කිරීමට සමහර නීතිඥ වෘත්තිකයන්ගේ ක්‍රියාකාරකම් සමත් වී තිබේ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නීතිඥවරු තම වෘත්තිය ප්‍රවර්ධනය කිරීමක නියැලෙන්නේ නැත. රූපවාහිනී, රේඩියෝ, පුවත්පත්, අන්තර්ජාලයේ නීතිඥවරුන්ගේ දැන්වීම් හෝ ප්‍රවර්ධනාත්මක වීඩියෝ, පොස්ට්, පෝස්ටර් අප දැක නැත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති මගින් නීතිඥ වෘත්තිය ප්‍රවර්ධනය කිරීම තහනම් කර ඇති බැවිනි.

එවන් තත්වයක් තුල Ekaratne Associates නමින් හැඳින්වෙන නීතිඥ සේවාවන් ලබා දෙන සමාගමක් තම වෘත්තිය ප්‍රවර්ධනය කරන ආකාරයේ වීඩියෝවක් නිර්මාණය කර Hultsdorf නැමති Facebook පිටුවක් ඔස්සේ අන්තර්ජාලයට එක් කර ඇත.

අදාල වීඩියෝවේ ප්‍රධාන රඟපෑම නීතිඥ තිවංක ඒකරත්න මහතා විසින් සිදුකරනු ලබයි. සේවාදායකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීම සඳහා මිල අදික දේවල් වීඩියෝවේ පෙන්වීමට ඔවුන් උත්සහ ගෙන ඇත. Shangri-La හෝටලයේ කාර්යාලය, Montblanc පෑන, ඇපල් කම්පියුටරය, Range Rover වාහනය වීඩියෝව සඳහා යොදාගෙන ඇති අතර ෂූටින් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ද යොදාගෙන ඇත.

දශක ගණනාවක් පැරණි නීතිඥ සමාගම් රාශියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර ඒ කිසිදු සමාගමක් ශ්‍රේෂ්ඨාධිකරණ රීතියට ගරු කරමින් මෙවැනි වෘත්තිය ප්‍රවර්ධනය කරන ආකාරයේ දැන්වීම් නිෂ්පාධනය කර පළකර නැත. කොරෝනා වසංගතය හේතුවෙන් සිදුව ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් මේ සඳහා ඒකරත්න නීතිඥ සමාගමට අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ අවසරයක් ලබා දුන්නා දැයි නොදනිමු.

අදාළ වීඩියෝව >>>>> https://www.facebook.com/watch/?v=388834982837413

ශ්‍රේෂ්ඨාධිකරණ රීතිය

නීතිඥ තිවංක ඒකරත්න මහතා

මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. [email protected] / [email protected]

Related posts

ජනපති පෞද්ගලික සංචාරයකට සිංගප්පූරු යයි

colombotoday

ඉවත් කලේ බුවනෙක හෝටලය මිස රාජ සභා මණ්ඩපය නොවෙයි. කුරුණෑගල නගරාධිපතිගෙන් ඉල ඇදෙන පිළිතුරක්.

colombotoday

විනය භාර ගුරුවරයාට පහර දුන් පාසල් සිසුන් 4ක් රිමාන්ඩ්

Admin

කවුරුත් සගවන අලුත්ගම ජිහාඩ් භීෂණයේ ඇත්ත කතාව (Video)

colombotoday

කසළ ගොඩ ගැසේ.. කොළඹ ම දුගද හමයි.. වසංගත රෝග අවදානමක් ! සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

colombotoday

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි- හිටපු ජනපති කියයි

colombotoday