Colombo Today Local News

සුනාමියක් එනවා කියා අගුලානේ මිනිස්සු හිස් ලු ලු අත දුවයි

සුනාමියක් එනවා යැයි කටකතාවක් ප්‍රචාර වීම නිසා අඟුලාන වෙරළ තීරයේ ජනතාව සිය බඩුමුට්ටු සමග නිවෙස්වල අඩුමකුඩුම රැගෙන දුව ගොස් ඇතැයි වාර්තා වනවා.

අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේන් දැනුම් දී ඇත්තේ මුහුද රළු වෙන බවයි.

එම දැනුම්දීම ද වරදවා වටහා ගෙන ඇති ජනතාව කලබලයට පත්වී ඇති බවයි අඟුලාන ධීවර සමිතියේ ලේකම් සනත් නන්දසිරි මහතා පවසන්නේ.

මේ පිළිබඳව අඟුලාන පොලිසියෙන් අප කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ සුනාමියක් එනබවට කවුරුන් හෝ කට කතාවක් ප්‍රචාරය කිරීම හේතුවෙන් අගුලාන,රත්මලාන වෙරළ තීරයේ ජනතාව කලබල වී ඇති බවයි.

පසුව පොලිසිය විසින් ජනතාව වෙත දැනුම් දී ඇත්තේ කලබල වීමට තරම් හේතුවක් නොවන බවයි.

Related posts

සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නවා – අගමැති කියයි

colombotoday

වාහන නොවන ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීම ලබන සැප්තැම්බරේ

colombotoday

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday

රජයේ මූල්‍ය කටයුතුවලට හා මහ බැංකුවට ජනපති මැදිහත් වෙන්න යයි !

colombotoday

සුජීව සේනසිංහට, අජිත් පී පෙරේරාටත් බැදුම්කර බෑණා සුපිරි ගෙවල් දීලා !! (Video)

colombotoday

හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනයට පියවර – කාල සටහන මෙන්න

colombotoday