Colombo Today Local News

ශ්‍රීලනිපය මල් වට්ටියේ තබා එජාපයට පූජා කිරීමට දුමින්දගේ සැලසුමක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පක්ෂය මල් වට්ටියකට දමා එක්සත් ජාතික පක්ෂයට පූජා කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයට පූජා කිරීමට දරන උත්සාහය පරාජය කොට, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ඇතුළු කණ්ඩායම 16 දෙනා සමග එකතු විය යුතු බවද ඔහු පවසා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ 16 දෙනාගේ කණ්ඩායමේ සියලුම දෙනා නායකයන් වුවද, ජ්‍යෙෂ්ඨතමයන් ලෙස ජෝන් සෙනෙවිරත්න සහ එස්.බී.දිසානායක යන මහත්වරුන් සම නායකයන් ලෙස කටයුතු කරන බවයි.

Related posts

අපි සමාජවාදයෙන් කිසිසේත් බැහැර වන්නේ නැහැ

Admin

විශ්වාසභංගයට පෙර අවසන් වරට අගමැති රනිල් ජනපති හමුවෙයි.. සාකච්ඡා තීරණාත්මකයි

colombotoday

කෙරවලපිටිය බලාගාරයට නැප්තා ලීටර් ලක්‍ෂ 10 ක්

colombotoday

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් පුද්ගලික අංශයට පවරන්නේ නෑ- නාමල්

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

අදත් විදුලිය කැපෙයි

colombotoday