Colombo Today Local News

සිරසට එරෙහිව දෙරණ ලොක්කා ඒක පාර්ශවිය වාරණයක් ලබා ගනියි.

සිරස “නිව්ස් ෆස්ට්“අයත් MTV පෞද්ගලික සමාගම හරහා ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (23) වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය නිකුත් කළේ, සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පෞද්ගලික සමාගම විසින් ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට අපහාස කළා යැයි සඳහන් කරමින් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලා ගොනුකළ නඩුවක් අද සලකා බැලීමෙන් අනතුරුවය.

ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පෞද්ගලික සමාගමට එරෙහිව එම නඩුව ගොනු කළේය.

සිරස “නිව්ස් ෆස්ට්“ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන පරිදි පුවත් පළ කිරීම වළක්වාලමින් MTV පෞද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිරස “නිව්ස් ෆස්ට්“ ඔස්සේ නොවැම්බර් 11, 13, 16 සහ 19 වන දිනවල ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම විසින් කොවිඩ් – 19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළකළ බව පැමිණිලිකරු විසින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

මෙමගින් සිදුවු අපහාසයට වන්දි වශයෙන් පැමිණිලිකාර පාර්ශවය විසින් රුපියල් බිලියන 2ක් වගඋත්තරකාර පාර්ශවයෙන් ඉල්ලා තිබේ.

ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම පෙන්වා දී ඇත්තේ, වගඋත්තරකරුවන් සැමවිටම පැමිණිලිකරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ද්වේෂසහගතව කටයුතු කර ඇති බවය.

දිලිත් ජයවීර මහතා සභාපතීත්වය දරණ දෙරණ මාධ්‍ය ජාලය හා ආර් රාජමහේන්ද්‍රන් සභාපතීත්වය දරණ සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පෞද්ගලික සමාගම අතර දිගු කලක සිට පවතින මාධ්‍ය තරගකාරීත්වය මෙම ද්වේෂසහගත තත්ත්වයට හේතුව බව පැමිණිලිකරු පෙන්වා දුන්නේය.

පැමිණිලිකාර පාර්ශවයේ කරුණු සළකා බැලු කොළඹ දිසා අධිකරණය MTV පෞද්ගලික සමාගම සහ එහි අනුබද්ධ ආයතන සහ සේවකයින් විසින් ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගම, එහි සභාපති සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසයක් වන ආකාරයෙන් පුවත් පළ කිරීම වළක්වාලමින් වාර්ණ නියෝගයක් නිකුත් කළේය.

Related posts

මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි.

colombotoday

උතුරේ හමුදා කදවුරු සහ, කොටි සැමරුම් ගැන උතුරු මහඇමති කොළඹදී කතා කරයි !

colombotoday

හමුදා මාධ්‍ය ප්‍රකාශකට හමුදාපතිගෙන් විශේෂ නියෝගයක්

colombotoday

“ලියුම් දුන්න ඇමති කිරිඇල්ල වැරදී නෑ.. වරද ලියුම ගත්ත එකාගෙයි.. ඒකා විශ්වවිද්‍යාලය පැත්තට වද්දගන්න හොද නෑ” – සරත් විජේසූරිය

colombotoday

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday