Colombo Today Local News

ශ්‍රීලනිපයේ පිංගුත්තරයො ටික ආයෙත් ආණ්ඩුවට එපා… තනි එජාප ආණ්ඩුවක් හදනවා – දිලිප් වෙදආරච්චි

යම් හෙයකින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවේ ඇමතිධූර වලින් ඉවත් වූ පිරිස නැවත ආණ්ඩුවට ගැනීමට බල කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හැදීමට පසුබට නොවන බව අමාත්‍ය දිලිප් වෙදාරච්ච් පවසනවා.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ජනාධිපතිතුමා බලකලොත් අර 16 දෙනා ගන්න කියලා අපි තනි ආණ්ඩුවක් හදනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිංගුත්තරයෝ ටික අර පැරදිච්ච ටිකට බයේ අපිට වැඩ කරන්න අපිට හැකියාවක් නෑ. ඒ ගොල්ලෝ හාල් පාරුවෝ. ජනාධිපතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න මේ පිංගුත්තරෝ ටික අරගත්තා. අරගත්තාට ඒ පැත්තේ කකුලක්. මේ පැත්තේ කකුලක්. අන්න හිර වෙච්ච තැන. දැන් ඒ අය තනතුරු දාලා යන්න ඕන. කොහාටද යන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවට බාර ගන්නෙත් නෑ. යන්න තැනක් නෑ. ඉතින් ඔය අගුපිළේ ඉඳගෙන මක්කාහරි කරාවි . අපිට කමක් නෑ. මේ ගොල්ලෝ මේ ආණ්ඩුවට එකතු කර ගැනීම තහනම් කියලා අපි පක්ෂයේ අරලියගහ මන්දිරයේදි සියළුම මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව තීරණයක් ගත්තා. එස් බී  දිසානායක වගේ පිංගුත්තරයෝ අපිට අවශ්‍ය නෑ. දැන් මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ නව පාර්ලිමේන්තු සැසිවාරයේදි ඒ රාජාසන කතාව පරද්දන්න හදනවා. දැන් ඒක පරද්දලා මේ ගොල්ලෝ කරන්න හදන්නේ. මේ ගොල්ලෝ මේ  අයගේ ජාමේ බේරගෙන මැතිවරණයක් එනක්ම් ඉන්න අයව රවට්ටගෙන, ක්‍රමය ගෙනි යන්න තමයි ඒ ගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ.” අමාත්‍යවරයා සඳහන් කළා.

Related posts

වැට් වැදී දුරකථන ගාස්තුව උඩ යයි.. 100 පෙරගෙවුම් කාඩ් පතට 33% බදු

colombotoday

ජල නළ එළීමට කැපූ වළකට වැටී තරුණයෙක් ජිවිතක්ෂයට

colombotoday

රාජ්‍ය ආයතන 15ක පාඩුව කෝටි එකොලොස්දාහයි.. කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

26 දා දුම්රිය වර්ජනයක්.. හෙට සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීම නවතී.

colombotoday

හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකගෙන් නිවේදනයක්

colombotoday