Colombo Today Local News

65ක කාන්තාවක් පොල් අතු නිවසක පිලිස්සි මියයයි

ආරච්චිකට්ටුව පොලීසිය වාර්තා කරන්නේ ඊයේ (23) රාත්‍රී කාලයේ ආරච්චිකට්ටුව පොලිස් වසමේ කිරිවල්කැලේ නිවසක් තුළ සිටි කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 65ක කිරිවල්කැලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මරණකාරිය සිය ස්වාමි පුරුෂයා සමඟ පොල් අතුවලින් තැනූ කුඩා නිවසක ජීවත් ව සිට ඇති අතර, නිවස ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි සදහන් වන්නේ.

මරණකාරියගේ ස්වාමි පුරුෂයා මේ වන විට ආරච්චිකට්ටුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් පොලීසිය කළ ප්‍රශ්නකිරීම්වල දී සඳහන් කර ඇත්තේ, පොල්අතු පැල ගිනි ගන්නා විට තමන් ඉක්මනින් එළියට පැන දිවි බේරා ගත් බව යි.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin

දෙමළ සන්ධානයට කනේ පහරක්… හමුදා කදවුර ඉවත් කරනවාට එරෙහිව තිරුක්කෝවිල් වැසියෝ උද්ඝෝෂණයේ..

colombotoday

පන්සල්, පාසල් ආසන්නයේත් තැබෑරුම් ඇරීමට අවසර දීමට සූදානම්.. ජනපතිකෙනෙක් රටට කුමටද?

colombotoday