බම්බලපිටිය පොලිසිය පවසන්නේ බම්බලපිටිය මිලාගිරිය ඇවිනිව්, ඒසියන් කෝර්ට් මහල් නිවාස සංකීර්ණයේ හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ජයනන්දන් වේලු අම්මා නැමැති 74 හැවිරිදි කාන්තාවකි.
මියගිය කාන්තාව යම් රෝගයකට ප්රතිකාර ලබාගත් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කලේය.