Colombo Today Local News

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

ප්‍රදේශ දෙකක දී දරුවෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ඊයේ රාත්‍රියේ උයිලංකුලම තිරුකේදීෂ්වරම් පලාවි වැවේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 09 හැවිරිදි වව්නියාව පුන්තොට්ටම් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

උයිලංකුලම තිරුකේෂ්වරම් කෝවිලේ පවත්වනු ලබන උත්සවයක් නැරඹීම සඳහා පිරිසක් සමග පැමිණ දිය නෑමට ගොස් සිටියදී මෙම දරුවා දියේ ගිලි ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් උයිලංකුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර පොලීසිය පැවසුවේ සන්දිවෙල් සිත්තන්ඩි ප්‍රදේශයේ චන්දනමඩුආරු ඇළේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවය.

‍මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 25 හා 33 වයස්වල පසුවන සිත්තන්ඩි 02 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙ‍දෙනෙකි.

මෙම දෙදෙනා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග ඊයේ (08) දහවල් කාලයේ දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බව සඳහන් වේ.

පොලීසිය පවසන්නේ ප්‍රදේශවාසීන් විසින් මොවුන් දෙදෙනාව මාවධිවෙම්ඹු රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව යි.

මේ සම්බන්ධයෙන් සන්දිවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

එන්නත නොගත් පෞද්ගලික බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

colombotoday

මෛත්‍රී, ගෝඨා අගමැති කිරීමේ සුදානමක !

colombotoday

හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රමවලින් සංහිදියාව හදන්න බෑ

colombotoday

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් !

colombotoday

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday