Colombo Today Local News

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

කොටි සංවිධානයේ කුරිරුකම් ප්‍රදර්ශනය කෙරෙන ජූඩ් රත්නම්ගේ ‘ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌’ චිත්‍රපටය යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ තිරගත කිරීම අත්හිටුවීමට එහි සංවිධායකයන් තීරණය කර ඇත.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළොත් යාපනයේ ජාත්‍යන්තර සිනමා උළෙල වර්ජනය කරන බවට දමිළ ජාතිකයන් පිරිසක්‌ උළෙලේ සංවිධායකයන්ට තර්ජනය කිරීම නිසා ‘ඩීමන් ඉන් පැරඩයිස්‌’ උළෙලින් ඉවත් කර ඇතැයි චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ජූඩ් රත්නම් ඊයේ (02 දා) ප්‍රකාශ කළේය.

රටවල් තිහක සහභාගිත්වයෙන් අද (03 දා) සිට 08 වැනිදා දක්‌වා යාපනය නගරයේදී යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල පැවැත්වේ. මේ සඳහා විදෙස්‌ චිත්‍රපට අසූවකට අධික සංඛ්‍යාවක්‌ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ශ්‍රී ලාංකීය චිත්‍රපටයක්‌ වන ‘ඩීමන් ඉන් පැරඩයිස්‌’ ප්‍රංශයේ කාන්ස්‌ සිනමා උළෙලේ ‘කැමරා දොa’ සහ ගෝල්ඩන් අයි’ යන සම්මාන සඳහා ද නිර්දේශ විය. ඊට අමතරව පසුගිය වසර තුළදී ලොව පුරා චිත්‍රපට උළෙල

රැසකින් සම්මාන ද හිමිකරගෙන තිබේ.

එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් උතුරේ දමිළ වැසියන්ට සිදුකළ හිරිහැර සහ කෲරකම් පිළිබඳව ද චිත්‍රපටයෙන් සාකච්ඡා කෙරෙන බැවින් ඊට උරණ වී ඇති කණ්‌ඩායමක්‌ එය ප්‍රදර්ශනය නොකරන ලෙසට තර්ජනය කර ඇතැයි තමන් විශ්වාස කරන බවද ජූඩ් රත්නම් මහතා ප්‍රකාශ කළේය.

මෙම සිකුරාදා (05 දා) සවස 6.45 ට යාපනයේ මැජස්‌ටික්‌ සිනෙප්ලෙක්‌ස්‌ ශාලාවේ’ ‘ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌’ ප්‍රදර්ශනය කිරීම සඳහා උළෙලේ කාලසටහනට ඇතුළත් කර තිබිණි.

Related posts

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරමින් සිටිනවා. අවම වයස 18 කරනවා. | අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි

colombotoday

පුරවැසි බලයට සාධාරණ සමාජය උරණ වේ.. යහපාලක සභාවේ ගුටි කෙළියක් 99න් වළකී !

colombotoday

LTTE සාමාජිකයකු සහ එම සංවිධානයට උපකාර කළ පුද්ගල නම් දෙකක් අසාදු ලේඛනයෙන් ඉවත් කරන්නැයි මංගල බලපෑම් කරලා..කොමිසමේ දී හෙළිවේ

colombotoday

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

colombotoday

ඉරිදා සහ පෝයට උපකාරක පන්ති නැවැත්වීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

colombotoday

මරණ දඩුවමට එරෙහිව දුමින්ද සිල්වාගෙන් අභියාචනයක් !

colombotoday