Colombo Today Local News

“දෙමටගොඩ රුවන්” ගේ රුපියල් කෝටි 40 ක හෝටලයක් CID භාරයට.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තාට අයත් මීගමුව පිටිපන පාරේ පිහිටි රුපියල් කෝටි 40කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගි හෝටලයක් හඳුනාගෙන තිබේ.

එම දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා විය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයාගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි එම සැකකරුව මීට පෙර අත්අඩංගුවට ගැනුණි.

චෙකොස්ලෝවේනියානු ජාතිකයෙකු විවාහ කරගෙන සිටින මෙරට කාන්තාවකට අයත් එම දේපළ, සැකකාර “දෙමටගොඩ රුවන්” නැමැත්තා මිලටගෙන ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර බවට කරුණු හෙළිවූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම භූමිය පර්චස් 100කට ආසන්නය. එය මීගමුව මුහුදු වෙරළට මුහුණ ලා පිහිටි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් සහිත ස්ථානයක් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

සැකකාර “දෙමටගොඩ රුවන්” නැමැත්තා නිතිවිරෝධී ලෙස උපයාගෙන ඇති දේපළවල වටිනාකම රුපියල් කෝටි 79කට අධික බව මේ වන විට හෙළිකරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

කොවිඩ් සුව වූ ළමයින් ගොදුරු වන බහු ඉන්ද්‍රීය ආසාදන රෝගීන් ඉහළට

colombotoday

ඔන්ලයින් පන්තියේදී හමුවූ බාලවයස්කාර පෙම්වතියව අම්මයි පුතයි උස්සන් ගිහින්

colombotoday

මද්‍රසා පාසලේදී අවි පුහුණුව දුන්නා. එම පාසලේ විදුහල්පති හිජාස් හිස්බුල්ලා යි. මුස්ලිම් දරුවන් දෙදෙනෙක් අධිකරණයේදී හෙළිකරයි

colombotoday

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

colombotoday

එකම ප්‍රශ්නය අසමින් ගෝඨාභය දවස පුරා FCID එකේ රස්තියාදු කෙරේ

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන කියද්දී මීගමුවේ එජාප පාක්ෂිකයෝ ජය වේවා කියා හුරේ දමති… “ඒකට ජය වේවා කියන්න එපා” රනිල් කියයි.. රනිල්ටත් හිනායයි !

colombotoday