Colombo Today Local NewsTop Stories

විශ්වාසභංගයේදී මන්ත්‍රීලා සල්ලිවලට විකිණිච්ච හැටි ඇමති දයාසිරි හෙළිකරයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සදහා අගමැති පාර්ශවය විසින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මුදලට බිළිබාගත් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මව්බිම පුවත්පත් සමග පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

විමල් වීරවංශ මන්ත්‍රිතුමා මොණර කොළ ගැන කතා කළා. මුදල් ලබාදී මන්ත්‍රිවරුන්ව ඩැහැගත්ත බව කිව්වා. ඔබත් ඉන්නේ ඒ මතයේද?

සහතිකවම අපිත් ඒ මතයේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි ළඟ මුදල් අරගෙන තමන්ගේ මතය වෙනස් කරගත්ත මන්ත්‍රිවරුන්ගේ නම් තිබෙනවා. ලබාගත් මුදල ගැන අප දන්නවා.

ලොකුම ගාණ කීයද?

කෝටි 4-5වගේ ගණන් ඒ අතර තිබෙනවා. කෝටියක් ගත්ත මන්ත්‍රි කෙනෙක් මට ඒ ගැන කිව්වා. ණය තුරුස් ටිකක් බේරගන්න ඒක උපකාරි වුණා කිව්වා.

කවුද මේ වගේ සල්ලි දෙන්න ඉදිරිපත් වුණ අය. ව්‍යාපාරිකයෝද?

මම දන්නේ නැහැ. නමුත් හොයනවා. සමහර විට බැඳුම්කර කට්ටිය ඉන්නත් පුළුවන්.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ඇතුළේ ඔළුගෙඩි එහෙට මෙහෙට කරලා දිනාගත්තද ජනතාව අතර ඔවුන් තමවත් පරාද බවද ඇමතිවරයා කියා සිටී.

Related posts

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

Admin

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Admin

යතුරුපැදියක් බසයක ගැටී 16 හැවිරිදි සිසුවියක් මරුට

Admin

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

colombotoday

හමුදාවට අපහාස කළ මහඇමතිව නාවික කදවුරකට ගෙන්වාගනී.. සුපිරි සංග්‍රහයකුත් දෙයි

colombotoday