Colombo Today Local News

ආණ්‌ඩුවෙන් යනවාද නැද්ද. | පක්‌ෂ 12ක්‌ සාකච්ඡාවක

රටේ වර්තමාන තත්ත්වය හා ආණ්ඩුව තුළ පැන නැඟී ඇති ප‍්‍රශ්න පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ නායකයෝ තීරණය කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවැති පක්‍ෂ නායක සාකච්ඡුාවකින් පසු මෙම තීරණය ගත් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මේ වනවිට ආණ්ඩුවට මුහුණ දීමට ඇති අභියෝග සහ ආණ්ඩුවේ අභ්‍යන්තර ප‍්‍රශ්න පිළිබඳවත් ජනතා ප‍්‍රශ්නවලට මූලිකත්වය දී කටයුතු කිරීමට ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳවත් මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් දැනුවත් කිරීමට මෙහිදී පක්‍ෂ නායකයන් තීරණය කළ බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ අභ්‍යන්තර ප‍්‍රශ්න මුල් කරගෙන විපක්‍ෂයට එහි වාසිය ලැබෙන අයුරින් කටයුතු නොකිරීමටත්, ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම පිළිබඳව සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බවටත් සාකච්ඡුාවට එක්වූ පක්‍ෂ නායකයන් තීරණය කළ බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ 12ක නායකයන් සහභාගි වී තිබේ.

Related posts

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසමට

colombotoday

අවාරයේ ශ්‍රී පාදස්ථානයට යන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ගන්න වෙයි

Admin

ට්‍රම්ප්ගේ බදු ගැන සජිතුත් කට අරී

Admin

තාත්තා කරපු හැම දෙයක්ම හරි නැහැ – විපක්ෂ නායක සජිත් කියයි

Admin

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

colombotoday