Colombo Today Local News

ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට

සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද්  අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත මනතුංග පැවසීය.

ඩුබායි රාජයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

2024  වර්ෂයේදී නාන්නේරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය  මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඩෑන් ප්‍රිය සාද්ට එරෙහිව විදේශ ගමන් තහනමක් මෙන්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග දෙකක් පනවා තිබූ අතර  ඒ අනුව ඔහුට ඩුබායි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී  අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බව  මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

Related posts

ඇස්තමේන්තුගත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රට තුළ ඉන්නේ 50%ක් පමණයි

Admin

බාල පෙට්‍රල් නැව ගොඩබාන්නැයි ඇමති අර්ජුනට දේශපාලන බලපෑම්.. (video)

colombotoday

“දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතුයි”

Admin

ගෝඨාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයට පැමිණිලි 10ක්

colombotoday

ෆෙඩරල් ඕනම නෑ.. උපරිම බලය බෙදුවොත් ඒකීයභාවය අහෝසියි.. අනුනාහිමියෝ අගමැතිගේ මූණටම දෙසති (Video)

colombotoday

අත්අඩංගුවේ සිටි ආවා සැකකරුවන් ඇප මත නිදහස්

colombotoday