Colombo Today Local News

රටේ එලවලු පලතුරු අවශ්‍යතා නිල වශයෙන් හදුනාගැනිමට සංගණනයක්

කොරොනා වසංගත තත්වය හමුමේ රටේ එලවලු පලතුරු අවශ්‍යතා නිල වශයෙන් හදුනාගැනිමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මුල්කරගෙන කඩිනම් සංගණනයක් අද (3) හා හෙට (4) පැවත්වේ.

එළවලු පලතුරු ආර්ථිකයට රැගන එන ගොව්⁣න් හදුනාගැනිමත් එහිදි ගොවින්ගේ පදිංචි ප්‍රදේශය වගා කරණ භූමි ප්‍රමාණය වගාකරණ එලවලු පලතුරු වර්ග පිලිබදව සංගණනයක් කිරිමට නියමිතය.

මේ අන්දමින් දඹුල්ල ආර්ථිකය ට පැමිනේන වෙලදුන් පිලිබදවත් තොරතුරු එකතු කිරිමට යොජිත අතර එහිදි වෙලදුන් පැමිණෙන ප්‍රදේශ, පැමිණෙන දින ගනන සාමාන්‍යයෙන් රැගෙන යන එලවලු පලතුරු වර්ග ප්‍රමාණයන් පිලිබද ව තොරතුරු ගැනිමට නියමිතය.

මීට අමතරව ආර්ථිකයට එළවලු පලතුරු තොග සපයන වෙලදුන් පිලිබදවද සංගණනය කිරිමට නියමිතය.

අද (3) පාන්දර 2සිට 4 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යෂ්ථානය විවෘතතව තැබිමට නියමිත අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් වෙළදාම් සිදුකිරිමට නියමිත අතර ආර්ථිකය ට අතුල්වෙන සියලු දෙනාම කෘෂිකර්ම අමාත්‍යංශය හා දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථාන කළමනාකරණ භාරය එක්ව සිදුකරණ මෙම සංගණයට යොමුකරගන්නා බව දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානයේ කලමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පවසයි.

මහින්ද උදයසිරි දඹුල්ල

Related posts

යාපනයේ තරුණයෙකුට මරු කැදවූ අනතුර

Admin

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

colombotoday

MCC කමිටු වාර්තාව පිළිබදව අදහස් ලබාදෙන්න අමාත්‍ය මණ්ඩලයට සතියක කාලයක්

colombotoday

තෙල්දෙණිය කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සාජන් මේජර්වරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් සොයා මෙහෙයුම්

colombotoday

අලිවැට සංරක්ෂණයට නිලධාරීන් 4,500ක්

Admin