Colombo Today Local News

“යහපාලනය” ගැන පාරම්බාන දඹර අමිල හිමි රාජ්‍ය මුදල් වංචාවක

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිත කළ බවට චෝදනාකරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ(29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

එහිදී සාක්ෂි ලබාදෙමින් සමාගමේ මූල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම පැවසුවේ, 2015 වසරෙන් පසුව භික්ෂු වේශධාරී දඹර අමිල හිමිට මසකට රුපියල් අනූ පන් දහසක මුදලක් ලිට්ට්‍රෝ සමාගමේ රහස්‍ය ගිණුමකින් ලබා දීමට කටයුතු කළ බවයි.

අදාළ නඩුව අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

අද දිනයේ ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම මහතා සාක්ෂි ලබා දුන්නේය

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු කියා සිටියේ 2015 වසරෙන් පසුව දඹර අමිල හිමිට ප්‍රවාහන දීමනාවක් ලෙස මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන්දහස බැගින් ගෙවීමට සමාගමේ පාලනාධිකාරියෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවයි.

එයට තමා විරුද්ධ වූ බවත්, ඉන් පසුව මසකට රුපියල් අනූපන්දහසක් බැගින් සමාගමට අයත් රහස් ගිණුමකින් ගෙවීමට පියවර ගත් බවත් ඔහු එහිදී සඳහන් කළේය.

තවදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ මේ අයුරින් සමාගමේ සේවකයින් නොවන පුද්ගලයින් 39 දෙනෙකු සඳහා ගෙවීම් සිදුකර ඇති බවයි.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට පැවැත්වෙයි.

Related posts

බ්‍රිතාන්‍ය කිරීටයෙන් සිරිලක මුළුමනින්ම නිදහස ලැබූ.. ජාතියට අමතකව යන ජනරජ දිනය

colombotoday

බදු ඉවත් නොකලොත් ඩීසල් 52 කින් – පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමට සිදු වෙනවා

colombotoday

14 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්

Admin

රේල්පා‍රේ නින්ද ගිය දෙදරු පියා දුම්රියට බිලිවෙයි

Admin

බෝධි සංස්කෘතියෙන් හෙළ දෙරණ පුණර්ජීවණයකළ සිරිමහ බෝ සමිඳුන් වැඩම කර වූ උඳුවප් පොහොය අද

colombotoday

ඇමති රාජිතගේ පත්කිරිම් දෙකක් අධිකරණය බල රහිත කරයි

colombotoday