Colombo Today Local NewsTop Stories

ජාතික ජල මණ්ඩලයේ සයිබර් ආක්‍රමණය – ‘බිට්කොයින් කප්පමකට’ අරගනින හැකර්වරුන්ගේ සන්සුන් විනාශය!

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ(NWSDB) කෙටි පණිවුඩ ද්වාරය අවදානමට ලක්ව ඇති බව පෙනේ.

‘බිට්කොයින් කප්පමක්’ ඉල්ලා සිටින කණ්ඩායමක් පණිවිඩ එවා ඇති බව මණ්ඩලයේ ගනුදෙනුකරුවන් වාර්තා කරයි.

සමාජ මාධ්‍යවල සිය අදහස් පළකරමින් පරිශීලකයින් තහවුරු කළේ නිල NWSDB කෙටි පණිවිඩ කේතයෙන් අදාළ කෙටි පණිවිඩ ලැබුණු බවයි: “ඔබේ වෝටර්බෝඩ් ගිණුම ඇල්ෆා කණ්ඩායම විසින් හැක්කර ඇත.

අපට BTC(බිට්කොයින්) 1.5ක් ලැබුණහොත් ඔබේ දත්ත නැවත ලබාගත හැකිය.”

බිට්කොයින් මුදල් පසුම්බියේ ලිපිනයක් ඇතුළත් පණිවිඩ, නිල බිල්පත් සහ පැමිණිලි යාවත්කාලීන කිරීම් සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන එකම අංකයෙන් මේවා යවා ඇත.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ප්‍රවේශ වී හෝ කාන්දු වී ඇති නිශ්චිත දත්ත මොනවාද යන්න තවමත් පැහැදිලි නැත.

මේ සම්බන්ධයෙන් බලධාරීන් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Related posts

අති බිහිසුණු මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියානුවෙක් මෙරටට ගෙන්වයි !!

colombotoday

සිංගප්පූරු ගිය අගමැති එයි.. අර්ජුන් මහේන්ද්‍රන් නොඑයි…

colombotoday

මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක්

colombotoday

ගෝඨාගේ නඩු ගැන මහින්ද කියපු දේ

colombotoday

පයාගල දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට

colombotoday

ඌව පළාතේ බුර්කා ඇන්දොත් අත්අඩංගුවට. ආණ්ඩුකාර මෛත්‍රී පොලිසියට උපදෙස් දෙයි

colombotoday