Colombo Today Local News

සිංගප්පූරු ගිය අගමැති එයි.. අර්ජුන් මහේන්ද්‍රන් නොඑයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස සිංගප්පූරුවේ පැවති කොළඹ කොටස් වෙළඳ පළ මඟින් සංවිධානය කළ, ඉන්වෙස්ට් ලංකා, සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව (02) දින රාත්‍රී 9.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ අතර මහැබැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදියෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අධිකරණය දෙවන වරටත් නියෝග කළේය.

මීට පෙර අධිකරණ සිතාසිය සිංගප්පුරුවේ ඔහු පදිංචිව සිටි ලිපිනයට කුරියර් සේවා මගින් යොමු කර තිබුණත්, එම ලිපිනයේ ඔහු මේ වන විට නොමැති බැවින් එම සිතාසිය යළ හරවා එවා තිබිණි.

තමන් විසින් මහබැංකු අධිපති ලෙස පත්කළ අර්ජුන් මහේන්ද්‍රන් පිළිබදව සම්පූර්ණ වගකීම තමන් ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සහතික වූ බැවින්, තම අතිජාත මිතුරා සිංගප්පූරුවේ සිට කැදවාගෙන එන්නැයිද විපක්ෂ මන්ත්‍රීන් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

Related posts

දේවානි ආරක්ෂා කරන්න මම සෑම විටම ඉදිරිපත් වෙනවා.. – පරිසර ඇමැති කියයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නිසා “පෙන්ෂන්“ එක කැන්සල් වන මන්ත්‍රීන් 58 දෙනා මෙන්න…

colombotoday

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

හෙට සහ අනිද්දා කරන්ට් කපන හැටි

colombotoday

කොරෝනා වෛරසයේ ආයුකාලය සොයා ගැනේ… වානේ, පිත්තල සහ ප්ලස්ටික් මතත් සක්‍රියව ඉන්න පුළුවන්

colombotoday

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

colombotoday