Colombo Today Local News

විදුලිබල ගැන තීන්දුවක්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බවයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් ඒ සඳහා තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“පසුගිය දෙසැම්බර් මාසයේ දී අපි තීරණයක් ගත්තා විදුලිබිල සංශෝධනය කළ යුතුයි කියලා පෙබරවාරි මාසයේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව ලබාදීලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසමට. ඒ අතරතුර අපි ඉල්ලීමක් කළා විවිධ පාර්ශවයන්ගෙන් විදුලි බිල සම්බන්ධයෙන් යෝජනා, දකින ගැටලු ගැන අපිට තොරතුරු දෙන්න කියලා. එම සාකච්ඡාවට විවිධ පාර්ශව සම්බන්ධ වුණා. විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ඉංජිනේරු සංගම්, ඉංජිනේරුවන් වගේම විදුලිබල කේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයින් ඇතුළු 40කට ආසන්න පිරිසක් යෝජනා ලබාදුන්නා. ඒ වගේම පසුගිය 15 වෙනිදා මහජන උපයෝගීතා කොමිසම මහජන අදහස් සඳහා විවෘත කළා එහිදී ද යම් යම් අදහස් ලබාදීලා තියෙනවා. ඒ අනුව අදහස් දෙකම එකතු කරලා අපි උපදෙස් දීලා තියෙනවා මේ වසරේ යම් යම් වියදම් පුරෝකථනය කරලා තියෙන්නේ පසුගිය වසර 4ක කාලය තුළ නඩත්තු කටයුතු මේ වසරේ අවසන් කිරීමට. ඒ අනුව මේක මේ වසරේ සිදුනොකර ඉදිරි වසර 3 සඳහා මුදල් වෙන්කිරීම සිදුකිරීමට කටයුතු කරන්න උපදෙස් දුන්නා. ඒ අනුව සංශෝධනය කරපු විදුලි ගාස්තු අයක්‍රමය ගැන යෝජනාව බදාදා හෝ බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලය ලබාදෙන්න කටයුතු කරයි.”

Related posts

කොම්පැනිවල ඉඩම් බෙදලා දෙනවා. | ප්‍රේමදාසගේ පුතා පොරොන්දු වෙනවා | ගෝඨා එපා කියමින් සජිත් වතුකරයට යයි

colombotoday

වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයක් කරන්න ඉල්ලා සුමන්තිරන් අධිකරණයට ?

colombotoday

මයික් පොම්පේගේ සංචාරයට පෙර අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට.. සාමාන්‍ය නිරෝධායන නෑ

colombotoday

ඉවත් කලේ බුවනෙක හෝටලය මිස රාජ සභා මණ්ඩපය නොවෙයි. කුරුණෑගල නගරාධිපතිගෙන් ඉල ඇදෙන පිළිතුරක්.

colombotoday

මංගලගේ බියර් බදු සහනයට ජනපති පාර්ලිමේන්තුවේදී විරෝධය දක්වයි !

colombotoday

තෙල්දෙණිය සිද්ධිය ගැන ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

colombotoday