Covid 19

මිනුවන්ගොඩ පාසල් සිසුහු දහයකට කොරෝනා. | සිසු සිසුවියන 78 ක් ස්වයං නිරෝධායනයට

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකින් කොරෝනා ආසාදිතය සිසු සිසුවියන් 10 දෙනකු අද උදෑසන වාර්තා වූ බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා පවසයි.

මේ හේතුවෙන් සිසු සිසුවියන 78 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියයි.

මීට අමතරව දරු දැරියන්ගේ මවුපියන් 14 දෙනකු ද කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

මිනුවන්ගොඩ පාසල් 15කින් මෙම පිරිස වාර්තාවී ඇති අතර එක් පාසලක ගුරුවරයකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

ආසාදිත හා නිරෝධායනයට ලක් කර ඇති පාන්ති සීමා කිරීමට කටයුතු යොදා ඇතැයි ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

නව කොවිඩ් ප්‍රභේද ආසාදිත යැයි සැක අයෙක් ලංකාවෙන්

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

ස්පාඤ්ඤයත් වසා දැමේ… රටම නිරෝධායනයට !

colombotoday

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday

බොරැල්ල පොලිසියේ 40 ක් නිරෝධායනයට

colombotoday