Colombo Today Local News

ක්‍රිකට් ආයතනයයේ දුෂණ සම්බන්දව තමන්ට එරෙහිව නැඟූ චෝදනා තිලංග සුමතිපාල ප්‍රතික්ෂේප කරයි

විකාශන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ අසූහත් දාහක (187,000/=) ක මුදලක් විදෙස් රටක ඇති ගිණුමකට බැරවීම, තම පාලන කාලයේ සිදු නොවූවක් බවත්, එය සිදුවූයේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පත් කරන ලද නිසි බලධාරී කමල් පද්මසිරි මහතාගේ පාලන කාලයේදී බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පෙන්වා දෙයි.

අප්‍රේල් මස 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද විමසීම්වලට අදාළ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා දුන් පිළිතුරු වලට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සුමතිපාල මහතා කරුණු පැහැදිළි කර සිටියි.

1995 සිට 97 වසර දක්වා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙසින් තමන් තේරී පත්වූ බවත් අනතුරුව 2018 දක්වා වූ කාල සීමාවේදී අවස්ථා හතරකදී තමා ක්‍රිකට් ආයතන සභාපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් පෙන්වා දෙන සුමතිපාල මහතා, එම කාල සීමාවන්හිදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් තෙවරක්ද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි අධ්‍යක්ෂකවරයෙකු වශයෙන්ද කටයුතු කර තිබෙන බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී සිටියි.

එසේම සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ලද කාල සීමාවන්හිදී ශ්‍රී ලංකා විගණන ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් කටයුතු විගණනයට ලක් කරන ලද අතර එම එකම විගණන වාර්තාවක හෝ සඳහන් කරුණක් සම්බන්ධයෙන් තමාට එරෙහිව කිසිදු විරෝධතාවක් ඉස්මතු වී නොමැති බවද සුමතිපාල මහතා පෙන්වා දී තිබේ.

එසේම තමාගේ ධුර කාලයන් තුළදී දඹුල්ල, ගාල්ල හා පල්ලකැලේ යන ක්‍රීඩාංගණයන්හිදී ඉදිකිරීම් කටයුතු ඇතුළු දැවැන්ත ක්‍රිකට් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලද බව මතක්කර දී තිබෙන සුමතිපාල මහතා, ඊට අමතරව පැති පුහුණු විකට්ටු 1000 ක් ඉදිකිරීම, උසස් කාර්ය සාධන මධ්‍යස්ථාන පිහිටුවීම්, ‘ක්‍රිකට් ගමට’ වැඩසටහන සහ බුද්ධි කේන්ද්‍රය වැනි ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම වැදගත් වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන බවද පෙන්වා දී තිබේ.

එසේම තමාගේ ධුර කාලයන් තුළදී සිදුකරන අරමුදල් වෙන් කිරීම් හා සංවර්ධන කටයුතු හා වෙනත් කිසිදු ක්‍රිකට් පරිපාලනයක් විසින් සිදුකරන්නට සමත්වී නොමැති බවත් ඒ පිළිබඳව තමා වඩාත් ආඩම්බරවන බවත් සඳහන් කර තිබේ. ඒ සමඟම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් මා සම්බන්ධව දක්වන ලද කරුණුවල කිසිදු සත්‍යතාවයකින් තොරව ඒවා බවත් ඒවාට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් පෙන්වා දෙන සුමතිපාල මහතා එකී කරුණු දැඩිව ප්‍රතික්ෂේප කර සිටින බවද වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Press Release Sinhala

Related posts

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ අංග දෙකක් ඉවත් කෙරේ

colombotoday

ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ ඉතා සාහසික ක්‍රියාවක්- මංගල

colombotoday

කැබ් රථයක ගැටී මව සහ පුතු මරුට

colombotoday

ශ්‍රී ලංකන්, ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 1400ක් ණයයි.. 4 වැනිදා වන විට ණය නොගෙව්වොත් ඉන්ධන සැපුම නවතී..

colombotoday

කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය අයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday