World

කොවිඩ් -19 මුස්ලිම් ලෝකයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. එවැනි වෛරසයක් නෑ. | නඩුවක් දැමූ අසාර් අබ්බාස්ට දඩ.

කොරොන වයිරස් වසංගතය මාරාන්තික නොවන බවත්, රජය එහි එන්නත ලබා නොගත යුතු බවත් පවසමින් මහාධිකරණයේ පෙත්සමක් ගොනු කල පාකිස්තාන ජාතිකයෙකුට පකිස්ථාන රුපියල් 200,000 ක දඩ මුදලක් (ඇමරිකානු ඩොලර් 1,248) නියම කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අසාර් අබ්බාස් නැමති පුද්ගලයා ලාහෝර් මහාධිකරණයේ (එල්එච්සී) පෙත්සමක් ගොනු කළ අතර, නඩු විභාගයකදී “කොරෝනා වෛරස් නොපවතින” බවත් එය ඔප්පු කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවත් පැවසීය.

රජය විසින් කොවිඩ් -19 එන්නත් ලබා නොගත යුතු බව ද ඔහු පැවසීය.

අධිකරණය අඟහරුවාදා(22) අසාර්ට දඩ නියම කළ අතර ඉදිරියේදී එවැනි නිෂ්ඵල පෙත්සම් ඉදිරිපත් නොකරන ලෙස ඔහුට අවවාද කෙරිණි.

වායුසමීකරණ කාර්මික ශිල්පියෙකු වන අසාර්, කොවිඩ් -19 වෛරසය මුස්ලිම් ලෝකයට එරෙහි “ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්” ලෙස අර්ථ දැක්වූ අතර එහි රෝග ලක්ෂණ දශක ගණනාවක් තිස්සේ පැවති බවත් එය මාරාන්තික රෝගයක් නොවන බවත් පැවසීය.

ලාහෝර් මහාධිකරණයේ අගවිනිසුරු මුහම්මද් කාසිම් ඛාන් පෙත්සම්කරුගෙන් ඉල්ලා සිටියේ වෛරසය සැබෑ නොවන බවට විද්‍යානුකූල සාක්ෂි පෙන්වන ලෙසයි.

පෙත්සම්කරු ජනතාව අතර භීතියක් හා අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට උත්සාහ කරන බව අගවිනිසුරුවරයා සඳහන් කළ අතර අනාගතයේදී එවැනි පෙත්සම් ඉදිරිපත් නොකරන ලෙස දැඩිව අවවාද කර ඇත.

Related posts

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි තත්වයක්

Admin

වැදගත් කතාවලදී කාන්තාවන් කට වහගෙන ඉන්න – ජපානයෙන් තීරණයක්

colombotoday

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday

Video – ඉරාකයේ ඇති ලොව පැරණිතම කතෝලික පල්ලියක් ඉස්ලාමික ත්‍රස්තවාදීන් විනාශකර දමයි

colombotoday

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ගැලවෙයි.. ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙයි

colombotoday