World

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ගැලවෙයි.. ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙයි

camaroon

(UPDATE) යුරෝපා සංගමයෙන් ඉවත්වෙනවාද? නැත්ද? යනුවෙන් බ්‍රිතාන්‍ය පැවැත්වූ ජනමත විමසුමෙන් 52%ක පිරිසක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පැවැසීමත් සමග අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා එළැඹෙන ඔක්තෝබර් මාසයෙන් පසුව සිය අගමැති ධුරයෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

මෙම ජනමත විමසුමේදී බ්‍රිතාන්‍ය යුරෝපය හා රැදි සිටිය යුතු බවට අගමැතිවරයාගේ අදහස වූ අතර ඔහුගේ තීරණය ජනතාව විසින් පරාජය කිරීම හේතුවෙන් අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.


බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස සිටිය යුතු ලෙස එරට ජනතාව ඊයේ (23දා) පැවැත්වූ ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති බව මේ වනවිට වාර්තා වී තිබේ.

ප්‍රතිශතයක් ලෙස 51.8% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු යැයි ඡන්දය ප්‍රකාශ කරද්දී, එහි තවදුරටත් රැඳී සිටිය යුතු යැයි ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 48.2% ක ප්‍රතිශතයක් පමණි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යුරෝපා සංගමය සමග එක්ව දැවැන්ත ගමනක් ගිය බ්‍රිතාන්‍යයේ වැසියන් මෙවැනි තීරණයකට එළැඹීම යුරෝපයට අදහාගත නොහැකි සිදුවීමක් වී තිබේ.

klk

Related posts

හැරී සහ මේගන් ගේ හෙළිදරව්වට බකිංහැම් මාළිගයෙන් චෝදනා

colombotoday

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

colombotoday

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධය ඇවිළේ.. බුර්කාව ගලවා කාන්තාවකට පහර දීලා !

colombotoday

බන්ධනාගාරගත කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

Admin

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වෙඩි තැබීමෙන් 34ක් මරුට – මියගිය අය අතර ළමුන් 20කට වැඩි පිරිසක්

colombotoday