Colombo Today Local News

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

නව කෙරෝනා වෛසරසය හේතුවෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 148 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ගතවූ පැය 24 තුළදී තවත් මරණ 41ක් වාර්තාවීමත් සමඟයි.

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ව්‍යාප්තිය ආරම්භ වුණු නව කොරෝනා වෛරසය අද වනවිට අමෙරිකාව, එංගලන්තය , ප්‍රංශය , ඉතාලිය ඇතුළු ලෝකයේ රටවල් 76ක් පුරා ව්‍යාප්ත වී තිබේ.

මේ වන විට නව කොරෝනා ආසාදිතයින් 94 000 කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 3200 ඉක්මවයි.

චීනයට අමතරව නව කොරෝනා ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රාජ්‍යයන් වෙත එල්ල වී තිබේ.

සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන දකුණු කොරියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 6000 ක් පමණ හමුවී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 40ක්.

මේ අතර වෛසරය සීඝ්‍රයෙන් පැතිර  දෙවන නගරය වන ග්යොන්සාන් නගරයද විශේෂි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කිරීමට එරට බලධාරීන පියවර ගෙන ඇති බව සඳහන්.

මේ තත්ත්වය හමුවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා චීන සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වළක්වමින් ක්‍රියාත්මක කර තිබූ තහනම දකුණු කොරියානු සංචාරකයින්ට ද ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

වෛරස ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂව වැඩිම මරණ ප්‍රතිශතයක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එරටින් ආසාදිතයින් 3089ක් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 148ක් සිදුවී ඇති පසුබිමකයි.

නව කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට ඉතාලි රජය තීරණය කර තිබේ.

මේ අතර අමෙරිකාවේ නව කෙරෝනා ආසාදිතයන් ගණනද 200 ඉක්මවා ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 12ක්.

රට තුළ සීඝ්‍රයෙන් වෛරසය පැතිර යන පසුබිමක රෝගය හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ කට්ටල ප්‍රමාණවත් තරම් නොමැති බවට ධවල මන්දිරය පිළිගෙන තිබුණි.

මේ අතර වෛරසය පාලනය කිරීම සඳහා ඇතැම් රටවල ප්‍රමාණවත් තරමේ දේශපාලන මැදිහත්වීමක් දක්නට නොලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානවේ සභාපතිවරයා පවසයි.

මෙය සංදර්ශන අවස්ථාවක් නොවන බව පැවසූ ඔහු නිදහසට කරුණු ඉදිරිපත්කිරීමට තරම් කාලයක් නොමැති බව ප්‍රකාශ කළේය.

Related posts

“අක්‍රමිකතා දැන් ඇත්තේම නෑ.. වෙනස ගැන අපට හරි සතුටුයි කියා ලෝක බැංකුව කීවා “- මුදල් ඇමති

colombotoday

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

Admin

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ සටනට

colombotoday

අගමැති හරිනිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Admin

“මහින්දගේ බොළද කතා පෙන්වන්න එපා.. වැඩක් ඇති දෙයක් පෙන්වන්න” හිරුණිකාගෙන් මාධ්‍යයට පණිවිඩයක්

colombotoday

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

Admin