Colombo Today Local News

කොරෝනා ගැන ජනතා අවධානය අඩු වෙලා

වර්තමානයේ කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අවදානය අඩුවෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොවිඩ් රෝගීන් වැඩිවීමේ ක්‍රම සඳහා රුකුලක් ලැබෙමින් පවතින බව කොළඹදී ඊයේ (12)දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

මෙය බරපතළ ගැටලුවක් බවත් එන්නත ලබා දුන්නත් නොදුන්නත් මූලික සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අවශ්‍ය කරුණක් බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

PCR පරීක්ෂණ උපරිම ධාරිතාවකට පැමිණ තිබෙන අතර දත්ත ලැබීමේ ප්‍රමාදය තවදුරටත් පවතින බවත් එම ප්‍රමාදය හරහා රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීම සහ නිරෝධායනය සඳහා යොමුකිරීමේ කටයුතු අඩපණ වීම ඉතාමත් බරපතළ ලෙස පවතින බවත් වෛද්‍ය කොළඹගේ මහතා පැවසීය.

Related posts

හක්මන පොලීසියේ නිලධාරීන් 04කගේ වැඩ තහනම්

colombotoday

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි

colombotoday

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

colombotoday

එන්නත් නොගත් අවු. 20ට වැඩි අය සොයා සමීක්ෂණයක්

colombotoday

සැරයන්ට පහරදුන් කසිප්පු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවේ

Admin