Colombo Today Local Newsfeatured

ගංගාවක ජල සාම්පලවලින් කොවිඩ් 19 වයිරසය හමුවෙලා. | පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මධ්‍යම පරිසර අධිකාරියට විශේෂ උපදෙස්

“පසුගිය සතියේ ඉක්වදෝරයේ ගංගාවක ජලයේ සාම්පල සියයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබුණා. එම ජල සාම්පල සියල්ලම කොවිඩ් 19 වයිරසය සහිත බව තහවුරු වුණා. ඒ නිසා අපේ රටේත් ගංගා පද්ධතිය ආශ්‍රිතව මෙම වයිරසය ව්‍යාප්ත වුවහොත් බරපතළ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වේවි.” පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පරිසර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සමග පසුගියදා (20 වැනිදා) පැවැති සාකච්ඡාවේ දීය.

“ලොකුම ගැටලුව තමයි පොදුවේ කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳ සිටින අය. සමහරු මුව ආවරණ ඉවත් කරන්නේ කිසිදු ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරමින් නොවෙයි. තමන්ට හිතෙන පරිදි ඒවා ඉවතට විසි කර දමනවා. කොවිඩ් 19 වයිරසය එම බැහැර කරන මුව අවාරණවලින් නැවත ව්‍යාප්ත වෙන්න පුළුවන් වගේම මේවා මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ගංගා ඇළදොළවලට මිශ්‍ර වෙලා ඒ හරහා ජලයට කොවිඩ් 19 වයිරසය එකතු විය හැකියි.”

“ඒ නිසා මම කියන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනට සකසා ඇති කොවිඩ් 19 වළක්වාලීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් දිය යුතුයි. මුව ආවරණ දිනකට මිලියන 06ක් එකතු වෙනවා කියන්නේ මාසයකට මිලියන 180ක්. එම නිසා මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න.” යැයි අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

Related posts

මයිලඩි ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් !

colombotoday

නවම් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

Admin

විශ්‍රාම වැටුප් කපලා.. ආබාධිත රණවිරුවෝ මහපාරට.. කොටුවේ විරෝධතා

colombotoday

පොලිසිට බෝම්බයක් ගැසූ සැකකරුවෙක් වෙඩි පහරින් මරුට

Admin