Colombo Today Local News

“කුරියර් සේවා” අත්‍යවශ්‍ය සේවාවක්. කිසිදු තහංචියක් පනවා නෑ. සමාගම් හැඳුනුම්පත සහ ලේඛන පෙන්වා ගමන් කල හැකියි.

සංචරණ සීමාවන් පනවා ඇති කාලයේදී අත්‍යවශ්‍ය සේවා යටතේ වර්ගීකරණය කර ඇති “කුරියර් සේවා” රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු තහංචියක් පනවා නොමැති බව “COVID-19 වැළක්වීමේ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකා” සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතනගේ මහතා පැවසීය.

කුරියර් සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකන බවත් සමාගම් ලාංඡන යටතේ ඔවුන්ට තම සේවාවන් පවත්වාගෙන යා හැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

“රටේ සුප්‍රසිද්ධ කුරියර් සේවා කිහිපයක්ම ක්‍රියාත්මක වේ. ආරක්ෂක මුරපොලවල් වලදී ඔවුන්ගේ සේවා අවශ්‍යතා සනාථ කිරීම සඳහා වලංගු සමාගම් හැඳුනුම්පත සහ ලේඛන තිබිය යුතුය” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අද පැවැත්වෙන COVID රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද මේ පිළිබඳව උපදෙස් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පැවසීය.

කෙසේ වෙතත් පොලිස් මාර්ග බාධක පසුකර යාමට “කුරියර්” සේවාවන්ට ඉඩ නොදී ආපසු හරවා යැවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් තම සංවිධානය වෙත ලැබුණු බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 27 ක් ගොඩ ගැහිලා

colombotoday

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday

“රට, ජාතිය, ආගම බේරාගැනීමටනම් සිංහල මව්වරුන් වැඩිපුර දරුවන් බිහිකළ යුතුයි“ – ඉසුර දේවප්‍රිය

colombotoday

ගහගන්න පැමිණි හරීන් ප්‍රනාන්දුට ප්‍රහාරයක්. කතානායක අසුන ළඟ බිම පෙරලි යයි

colombotoday

මාර්ග කිහිපයක පෞද්ගලික බස්රථ වර්ජනයක්

Admin