Colombo Today Local News

මාවනැල්ලලේ කළුගල් කැඩීමට රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය කිලෝ 19ක් අතුරුදන්. | පරීක්ෂණ සී.අයි.ඩී.යට

මාවනැල්ල, දුන්ගේකන්දේ කළුගල් කැඩීමට රැගෙන ආ බව කියන පුපුරන ද්‍රව්‍ය කිලෝ 19ක් අතුරුදන් වීම සම්බන්ධව පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත සී.අයි.ඩි. විමර්ශනයක් අරඹා ඇත.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන්ගේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය ද මාවනැල්ල කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වීමත්, පාස්කු ප්‍රහාරයට යොදාගත් පුපුරන ද්‍රව්‍ය හා සමාන පුපුරන ද්‍රව්‍ය අතුරුදන් වීමත් යන කරුණු සම්බන්ධව මෙම විමර්ශන ඇරැඹී තිබේ.

දුල්ගේකන්දේ, ගල් කැඩීම සඳහා මාවනැල්ල, නිව්ලෑන්ඩ්වත්තේ වූ ගල්වැඩපොළක ගබඩා කර තිබූ ඇමෝනියා නයිට්‍රේට්- කිලෝග්‍රෑම් 15ක්, ඩයිනමයිට් කරල් හයක්, වෙඩි නූල් මීටර් 68ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහනවයක් අතුරුදන්ව ඇතැයි මාවනැල්ල පොලිසියට පැමිණිලි ලැබුණේ ඉකුත් 23 වැනිදාය.

මෙයට සැක සහිත ගල්වළේම පුද්ගලයකු ගැන පොලිසියට පැමිණිලි ලැබුණද ඔහු මීට සම්බන්ධයක් නැති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඒ අනුව මෙම පුපුරන ද්‍රව්‍ය කවුරුන් අතට පත්වූවාද යන්න සැකසහිත බැවින් පොලිස්පතිවරයාට ලද වාර්තාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර දී ඇත.

மாவனெல்லாவில் பாறைகளை உடைக்க கொண்டு வரப்பட்ட 19 கிலோ வெடிபொருட்கள் காணவில்லை. | சி.ஐ.டி.க்கு விசாரணைகள்

http://tamil.colombotoday.com/?p=22591

Related posts

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

colombotoday

මෛත්‍රීපාල ජනපති කරන්න ජවිපෙ සහයත් අපි ලබාගත්තා – මංගල කියයි

colombotoday

OIC ගේ මුව ආවරණය ගලවන්න ගිය රැප් ගායකයාට වැඩ වරදී…

colombotoday

පිලිකා රෝගයකට ගොදුරු වූ දෙහිවල සත්තු වත්තේ කෙල්ල මියයයි

colombotoday

පොල් වගාකිරීමේ මණ්ඩලයේ කෝටි 2 ක මුදලක් වංචාව. පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශ ලේකම් අතට

colombotoday

මුලතිව් කේපාපිලව් කැලෑවේ පිපිරිමක්

colombotoday