Colombo Today Local News

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට එන්නත් ලබා දෙන්නේ නීති රාමුවකට යටත්වයි – ලලිත් වීරතුංග

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරටට එන්නත් ලබා දෙන්නේ නීති රාමුවකට යටත්ව බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඔහු පැවසුවේ එලෙස ලබාදෙන එන්නත්වල වගකීම, එය නිපදවූ සමාගම විසින් නොදරනු ඇති බවයි.

ශ්‍රී ලංකාවට ලබාදෙන අදාළ එන්නත් තොගයේ වියදම එක්සත් ජාතීන් විසින් දරනු ඇති.

ලලිත් වීරතුංග මහතා පැවසුවේ එන්නතක් ලබා ගැනීමට ඇති සියලු විකල්ප මේ වන විට ගවේෂණය කරමින් සිටින අතර ඒ සඳහා වන සාකච්ඡා දීර්ඝ ලෙස සිදුකෙරෙමින් ඇති බවයි.

ඒ අනුව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී, චීනයේ නිෂ්පාදිත සිනොවැක් හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සොයා ගන්නා ලද ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් තුන මෙරටට ලබා ගැනීමේ වැඩි ඉඩක් ඇතැයි ඔහු වැඩිදුරත් පැවසී ය.

Related posts

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

සයිටම් විරෝධය නැවතත් මහපාරේ ඇවිළෙයි.. කදුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර දී විසුරුවාහැරේ

colombotoday

ව්‍යවස්ථා මගෝඩියෝ ජනපතිවත් අන්දා රටත් නොමග යවන්න ගහන “ඒකීය” ගැටේ මෙන්න !

colombotoday

රෝහල්ගත කර සිටි රන්ජන් යළි අඟුණකොළපැලැස්සට

colombotoday

බදුල්ල ආසනයේ අලියා කොඩියට පරාජය වෙයි.

colombotoday

පැය 48ක් ඇතුළත ඇමති මණ්ඩලය පත්කර අතුරු සම්මත ගිණුමක් ගේනවා

colombotoday