Colombo Today Local News

ලොව මවිත කරමින්, දවස් 7න් හදන්න ගිය චීන කොරෝනා රෝහල දවස් දෙකෙන් සාදා විවෘත කරයි !

චීනයේ පළමු කොරෝනා වෛරස් රෝහල දින දෙකක් තුළ සාදා නිමකර විවෘත කර තිබේ.

චීනයේ කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් වෙනුවෙන් ඉදිකළ පළමු රෝහල අද (29) විවෘත කළ බව එරට මාධ්‍ය වාර්තා කළා.

නව කොරෝනා වෛරසය පළමුවෙන්ම වාර්තා වූ වුහාන් නගරයට ආසන්නයෙන් පිහිටි Huangzhou දිස්ත්‍රික්කයේ පිහිටි මෙම රෝහල තුළ රෝගීන් දහසකට ප්‍රතිකාර කිරිමට හැකි බව චීන බලධාරින් සඳහන් කරනවා.

Huangzhou දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන Huanggang මධ්‍යම රෝහල වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදි කොර තිබු අතර එය ලබන මැයි මාසයේදී විවෘත කිරිමට නියමිතව තිබුණා.

නව කොරෝනා වෛරසය සිඝ්‍රයෙන් පැතිරි යාමත් සමග රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරිමට ඉඩකඩ ඇති රෝහලක් අලුතින් සැකසීමට චීන බලධාරීන්ට සිදුවිය. මෙම රෝහල සැකසීම සඳහා ඔවුන්ට ගතව තිබුනේ පැය 48 කට ආසන්න කාලයක්.

ඒ අනුව ස්වේච්ජා සේවකයින්, කොන්ත්‍රාත් සමාගම් සේවකයින්, ආරක්ෂක අංශ ඇතුළු පුද්ගලයින් 500 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් මෙම රෝහලේ සියලු වැඩකටයුතු දින 02ක් තුලදී අවසන් කිරිමට හැකිවූ බව ප්‍රාන්ත රජය ප්‍රකාශ කළා.

රෝහලට අවශ්‍ය අන්තර්ජාල පහසුකම්, රෝගීන්ට අවශ්‍ය ඇඳන්, ජලය, විදුලිය ඇතුළු අංග සම්පුර්ණ රෝහලක් බවට පත් කිරිමට මෙම පිරිසට හැකියාව ලැබි තිබෙනවා.

Related posts

වරාය නගර පනතට පක්ෂ උන ඉෂාක් රහුමාන්ගේ සහ අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

පන්නිපිටියේ බෝධිය ඉවත් කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්

colombotoday

මහපොළ 1000 කින් වැඩිකරයි

colombotoday

කට නිසා වැසිකිළි සෝදන රංජන්

colombotoday

මහේෂ් සේනානායක හදිසියේ රෝහල්ගත කරයි !

colombotoday