Colombo Today Local News

කෙරවලපිටිය කමිටුවට චම්පික රණවක ඇතුලත් කිරීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්

කෙරවලපිටිය විදුලිබලාගාර ටෙන්ඩරය සම්බන්ධව සොයා බැලීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවට අමාත්‍ය චම්පික රණවකගේ නම ඇතුලත් කිරීම පිළිබඳව විරෝධය දක්වමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය…..

ආන්දෝලානාත්මක කෙරවලපිටිය ඉදිකිරීමට නියමිත ස්භාවික විදුලිබලාගාර ටෙන්ඩරය පිළිබදව සොයා බැලීම සදහා ඔබතුමා විසින් අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් අප සංවිධානයේ ස්තුතිය ඔබතුමා වෙත පළකරමු.

කැබිනට් මණ්ඩල විසින් උක්ත ටෙන්ඩරය අදාල සමාගමට ලබා දීමට පෙර ඔබතුමා විසින් එම කමිටුව පත්කළේ නම් ඉතා අගනා බව අපේ හැගීමයි.කෙසේ වෙතත් ජනාධිපතිතුමනි එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත් කිරීම සම්බන්ධයෙන් අපගේ විරෝධය ප්‍රකාශ කරමු. කිසියම් කමිටුවක ස්වාධීනත්වය අප මෙන්ම ඔබතුමා ද අපේක්ෂා කරන බව අපගේ විශ්වාසයයි. ඒ අනුව ඔබ තුමා විසින් එම කමිටුව සදහා පාඨලී චම්පික රණවක මහතාව පත් කිරීම මගින් එම කමිටුවේ ස්වාධීනත්වයට බාධා සිදුව ඇත.අප සංවිධානය එසේ ප්‍රකාශ කරන්නේ අදාල ටෙන්ඩරයට සෘජුවම සම්බන්ධ පාර්ශව කරුවෙකු වන ලක්දනවි සමාගමට අනුබද්ධ ආයතනයක් වන LTL සමාගම විසින් පාඨලී චම්පික අමාත්‍යවරයාගේ නිවස මීට වසර කිහිපයකට පෙර සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත. එපමණක් නොව තවද කෙරවලපිටි දැනට ඉදිකර ඇති ලක්දනවි බලාගාරයේ පාඨලී චම්පික අමාත්‍යවරයාට භාවනා කිරීම සදහා වෙනම කුටියක් ඉදිකර ඇත ඒ අනුව පාඨලී චම්පික රණවක ඇමතිවරයා එම කමිටුව නියෝජනය කිරීම මගින් සම්බන්ධතා අතර ගැටුමක් නිර්මාණය වී ඇත. ගැමි භාෂාවෙන් කිවහොත් එය හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමකි. තවද මෙරට ගල්අගුරු බලාගාර පිළිබදව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇත.

එබැවින් උක්ත කමිටුව සදහා ඔබතුමා විසින් යෝජනා කර ඇති පාඨලී චම්පික අමාත්‍යවරයා ඉවත් කර ඒ වෙනුවට සාගර රත්නායක අමාත්‍යවරයා හැර වෙනත් අමාත්‍යවරයෙක් පත් කරන ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

colombotoday

කොරෝනා වැළදෙයි බියෙන් මවක් ගිනි තියාගෙන

colombotoday

[Video] සිරස සටනේදී විජේදාස – ෆොන්සේකා ගැටෙයි.. මන්දබුද්ධිකයා කියා මූණටම කියයි

colombotoday

බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

colombotoday

මගේ ගේ ගිනි තිබ්බේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් – ශාන්ත බණ්ඩාර

colombotoday

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කොළඹ ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්

colombotoday