Colombo Today Local News

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ චෝදනා එල්ලවූ ඌව ප්‍රධාන ඇමතිට නැවතත් අධ්‍යාපනය බාර දෙයි

බදුල්ල දෙමල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීමේ විමර්ශන අවසන්ව නොමැති වුවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට පළාත් අධ්‍යාපන අමාත්‍යධුරය නැවත ලබාදී ඇති බව වාර්තා වෙයි.

ලංකා ගුරු සංගමය විසින් ඊයේ (16) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කරනු ලැබීය.

එහිදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කර සිටියේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීමේ අධිකරණ ක්‍රියාමාර්ග පවා අවසන්ව නොමැති පසුබිමක ප්‍රධාන අමාත්‍යවරයාට යළිත් අධ්‍යාපන අමාත්‍යධුරය ලබාදීම සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවන බවය.

එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින්ද මේ සිදුවීමට අදාළ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙතෙක් එයද අවසන්ව නොමැත.

ඒ පසුබිමේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට අධ්‍යාපන අමාත්‍යධුරය නැවත ලබාදීම සිදුවන විමර්ශන සඳහා බාධාවක් බවත් විදුහල්පතිනියට යුක්තිය ඉටුවීම සම්බන්ධව විශ්වාසයක් තැබීමට නොහැකි බවද ගුරු සංගම් සඳහන් කරයි.

කෙසේ වුවත් මේ සම්බන්ධව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මීට මාසයකට පමණ පෙර පළාත් ආණ්ඩුකාරවරයා තමන් කැඳවා නැවත අධ්‍යාපන අමාත්යංශය භාරදුන් බවය.

Related posts

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

colombotoday

‘අපි එකග නෑ.. නාහිමිවරුන්ගේ ප්‍රකාශය යළි සළකා බැලිය යුතුයි‘ – දෙමළ සන්ධානය

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

Admin

මේ මොහොතේ පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය නෑ – ඇමති අකිල විරාජ්

colombotoday

ඉන්ධන හිගයක් ඇති වන බවට ප්‍රකාශයක් කළ ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට.

colombotoday